කෝටි ගණනක් වටින නීති විරෝධී යතුරුපැදි තොගයේ හිමිකරු මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්..! ඔහු සතු අසීමිත දේපළ සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන අරඹයි. පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබූ, හාලි ඩේවිඩ්සන් ඇතුළුව, රුපියල් කෝටි විසිපහකට වඩා වැඩි වටිනාකමකින් යුතු, මෙරට භාවිතය තහනම් කර තිබෙන නීති විරෝධී යතුරු පැදි තොගයේ හිමිකරු වන අජිත් සිරිකුමාර ගාල්ලගේ නමැති අය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව වාර්තා වේ. අදාල නීති විරෝධී යතුරුපැදි තොගය අත්අඩංග-ුවට ගෙන තිබුණේ හම්බන්තොට තිබෙන මෙම සැකකරුට අයත් කුරුළු උද්‍යානයක ගබඩාවක තිබිය දී ය. මෙම කුරුළු උද්‍යානයේ සිටින කුරුල්ලන් ඔහු මෙරටට ගෙන්වා ඇත්තේ නීති විරෝධී ආකාරයට බව වාර්තා වේ. ඒ සදහා ඔහුට විශේෂ දේශපාලන අනුග්‍රහයක් ලැබී තිබෙන බව පැවසේ. අදාල පුද්ගලයා සතු අසීමිත ධනය ඔහු උපයාගෙන තිබෙන ආකාරය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වන විටත් විමර්ශනයක් අරඹා ඇති බව පැවසේ. සැකකරු ඊයේ දිනයේ දී අත්අඩංගුවට පත් වූ අතර, මේ වන විට ඔහු ජූලි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටියි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-17 9:10 am
|
Heading |
---|
2025-07-16 9:12 am
|
Heading |
---|
2025-07-15 12:38 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|