Heading
දේශීය
2025-10-31 2:19 am • Views: 1185

විනිසුරු මංජුල රත්නායකගේ වැඩ තහනම්...!

විනිසුරු මංජුල රත්නායකගේ වැඩ තහනම්...!

වහාම ක්‍රියාත්මක වන පරිදි, ඔක්තෝබර් 30 වන දා සිට බලපැවැත්වෙ පරිදි, වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. 

මෙම වැඩ තහනම සිදුකර තිබෙන්නේ, පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව බව වාර්තා වේ. 

සැකකරුවන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම් ඉවත් කිරීම සහ නඩු භාණ්ඩ මුදා හැරීම ආදී කාරණා වල දී විනිසුරුවරයාගේ මැදිහත් වීම ප්‍රශ්නසහගත වී තිබේ. 

මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ මංජුල රත්නායක මහතා පසුගිය දා වැල්ලවායට මාරුකර යවන ලදී. ඔහු ඇත-ුළු තවත් විනිසුරුවරු රැසකට මාරුවීම් ලබා දී තිබුණු අතර, එම ස්ථානමාරුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධයක් දැක්වී ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න