Heading
දේශීය
2025-11-03 8:54 am • Views: 168

“යාපනය විශ්ව විද්‍යාලයෙන් හමු වූ ආයුධ යුද සමයේ සිටම එහි තිබුණු ඒවා විය හැකියි..!” පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

“යාපනය විශ්ව විද්‍යාලයෙන් හමු වූ ආයුධ යුද සමයේ සිටම එහි තිබුණු ඒවා විය හැකියි..!” පොලිස් මාධ්‍ය ප්‍රකාශක. 

යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලේ වහලයේ සඟවා තිබී සොයා ගන්නා ලද ආයුධ සහ පතොරොම්, බොහෝවිට, යුද සමයේ සිටම එහි තිබුණු ඒවා විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, නීතීඥ වුට්ලර් මහතා පවසයි. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. 

ආයුධ සොයා ගැනීම සිදුව තිබුණේ ඔක්තෝබර් 30 වන දා, යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලේ වහළය අළුත්වැඩියා කිරීමට යාමේ දී ය. 

විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ඒ පිළිබදව කෝපායි පොලිසියට දැනුම් දී තිබුණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න