Heading
දේශීය
2025-07-19 9:11 am • Views: 837

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි..!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි..! 

රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සේවයෙන් නෙරපීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

මේ බව වාර්තා කර තිබෙන්නේ ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු වන තරිදු ජයවර්ධනයි. 

පාස්කු ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව සිටියේ නිලන්ත ජයවර්ධනයි. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කල් තියා ලැබී තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. 

විශේෂයෙන්ම, පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අතර, නිලන්ත ජයවර්ධ සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් ව තිබුණි. 

නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සහ විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කෙරී තිබුණු අතර, ඔහුට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයේ දී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන වැරදි කරු වී ඇති බව පැවසේ. 

ඒ අනුව, නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීමට ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

නිලන්ත ජයවර්ධන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපතමයෙකි. 

පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූවන්ට වන්දි ගෙවීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පිරිස අතර නිලන්ත ජයවර්ධන ද සිටියි. ඔහු විසින් ලක්ෂ හත්සිය පනහක මුදලක් වන්දි වශයෙන් පාස්කු වින්දිතයන්ට ගෙවා තිබුණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න