Heading
දේශීය
2025-07-25 7:59 am • Views: 1457

ජනාධිපති සමාව අවභාවිතා කරමින් පසුගිය වෙසක් පෝය දා මුදාහැර සිටි සැකකරු, වසර 7 කට ඇතුළට දමයි..!

ජනාධිපති සමාව අවභාවිතා කරමින් පසුගිය වෙසක් පෝය දා මුදාහැර සිටි සැකකරු, වසර 7 කට ඇතුළට දමයි..!

වෙසක් පෝය දා ලබා දෙන ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින්, අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැර සිටි, අතුල තිලකරත්න නමැති සැකකරු, තවත් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර හතකට සිර දඩුවමකට යටත් කිරීමට අනුරාධපුර මහාධිකරණය පසුගිය බදාදා දිනයේ දී පියවර ගෙන ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 

මූල්‍ය සමාගමක කළමණාකාරවරයෙකු ලෙස කටයුතු කරමින්, රුපියල් මිලියන 3.5 ක මුදලක් වංචා කිරීම ඔහුට එල්ල වී තිබෙන චෝදනාවයි. 

සැකකරුට එරෙහිව තවත් මූල්‍ය චෝදනා හයකට අදාලව අනුරාධපුර මහාධිකරණයේ නඩු පවරා තිබෙන අතර, එම නඩු තීන්දු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. 

ඊට අමතරව, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු 22 ක් ඔහුට එරෙහිව ඇසෙමින් පවතී. එම නඩු වැටී ඇත්තේ, ඔහු විසින් සිදු කර ඇති බවට වාර්තා වන රුපියල් මිලියන පන්සියය ඉක්ම වූ මූල්‍ය වංචා සම්බන්ධයෙනි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න