වසරේ පළමු මාස හය තුළ අපනයන ආදායමේ 6.70% ක කැපී පෙනෙන වර්ධනයක්..! වසරේ මුල් මාස හය ත-ුළ අපනයන ආදායම, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 6.70% කින් වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ජනවාරි සහ ජූනි යන මාස අතර, එක්සත් ජනපද ඩොලර් මිලියන 8,337.86 ක අපනයන ආදායමක් ලංකාව උපයා තිබේ. වසරේ මුල් මාස හය තුළ භාණ්ඩ අපනයයෙන් ඩොලර් මිලියන 6,504.72 ක් උපයා ඇති අතර, සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 1,833.14 කි. සේවා අපනයනයෙන් ලංකාව උපයා ඇති ආදායම, පසුගිය වසරේ මුල් මාස හය හා සසදා බැලීමේ දී 9.78% ක වර්ධනයක් පෙන්නුම් කරයි. භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම, පසුගිය වසර හා සැසදීමේ දී මේ වසරේ මුල් මාස හය තුළ 5.86%ක වර්ධනයක් වාර්තා කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-29 5:40 am
|
Heading |
---|
2025-07-28 10:28 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|