“පරීක්ෂණ සිද්ධ වන්නේ ඔහු යටතේ ඇති අමාත්‍යංශයෙන් නොවන නමුත්, අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍ය ධූරයක සිටීම විමර්ශන සදහා යම් බලපෑමක් ඇති කළ හැකියි.” සිරිල් ගාමිණී පියතුමා. විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනවල විශ්වසනීයත්වයට යම් බලපෑමක් එල්ල කළ හැකි බව, කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා “ද මෝර්නිං” පුවත්පත සමඟ පවසා තිබේ. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන සිද්ධ වන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන අමාත්‍යංශය හරහා නොවේ. එම කටයුතු සිද්ධ වන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ ආයතන හරහාය. නමුත්, මේ වන විටත්, පාස්කු ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ දී නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ අරුණ ජයසේකර මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පාර්ශ්ව රැසක් කරුණු මතුකර තිබේ. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සහ මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන නිසාන් කාර්යප්පර් මන්ත්‍රීවරයා ඉන් ප්‍රධාන වේ. හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි අත්අඩංගුවට ගත යුතුයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිය දී ත් ඔහු මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිටුපස සිටින්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ද යන පැනය නිසාන් කාරියප්පර් මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ මතු-කර තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-29 5:40 am
|
Heading |
---|
2025-07-28 2:09 am
|
Heading |
---|
2025-07-28 10:28 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|