Heading
දේශීය
2025-07-30 8:25 am • Views: 570

පල්ලියකට පහර දුන් ජාතික ජනබලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායක ඇතුළු අටක් අගෝස්තු 11 දක්වා රිමාන්ඩ් කරයි.

පල්ලියකට පහර දුන් ජාතික ජනබලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායක ඇතුළු අටක් අගෝස්තු 11 දක්වා රිමාන්ඩ් කරයි. 

මහ රෑ පිරිසක් සමග පැමිණ කතෝලික පල්ලියකට පහර දී අලාභ හානී සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායක ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අගෝස්තු එකොළොස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

සැකකරුවන් විසින් පල්ලියට පහර දීම සිදුකර තිබුණේ ජූලි 26 වන දා ය. 

මෙම පිරිස, අදාල පල්ලිය ආසන්නයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර, ඔවුන්ගේ හැසිරීම පල්ලියට බාධාවක් බව පල්ලියේ පූජකතුමා විසින් දැනුම් දීම, මහ රෑ පැමිණ පල්ලියට පහර දීමට හේතුව වී තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න