"ප්‍රියන්ත ජයකොඩිගේ ජීවිත තර්ජන රංගනය දේශපාලන කුමන්ත්‍රණයක්..!" පොලිසිය සැක කරයි. කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් තමන්ට මරණ තර්ජන ඇයි බව කියමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ව්‍යාජ පැමිණිල්ලකට අදාලව, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මේ වන විට එම දෙපාර්තමේන්තුව මගින් ම අත්තඅඩංගුවට ගෙන තිබේ. කෙහෙල් බද්දර පද්මේ යැයි පෙනී සිටිමින්, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පතිනායක ඇතුළු පොලිස් නිළධාරීන්ට ඇමතුම් ලබා දෙමින් ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීම, ප්‍රියන්ත ජයකොඩිගේ උපදෙස් මත වෙනත් පාර්ශ්වයක් විසින් සිදුකර තිබෙන ක්‍රියාවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කරගෙන තිබේ. ඊට අදාලව, එකී දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයාට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු, සමස්ත ක්‍රියාවලිය පිටුපස, ප්‍රියන්ත ජයකොඩිගේ මැදිහත් වීම හෙළි කර තිබෙන බවද පැවසේ. ප්‍රියන්ත ජයකොඩි, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී සමගි ජන බලවේගයට පක්ෂව කටයුතු කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, කීර්තිමත් ඉතිහාසයක් තිබුණු මේ ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියා, යම් කිසි දේශපාලනික පෙළඹවීමකින්, මෙම ව්‍යාජ මරණ තර්ජන කුමන්ත්‍රණය දියත් කළාද යන්න පිළිබදව පොලිසිය විමර්ශනය කරමින් සිටින බව ලංකාදීප පුවත්පත අනාවරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-30 2:55 am
|
Heading |
---|
2025-07-30 8:25 am
|
Heading |
---|
2025-07-29 5:40 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|