ලලිත්-කූගන් අතුරුදන් වීම; ගෝඨාභය සාක්ෂි දීමට එකඟ වෙයි. 2011 වසරේ දී සිද්ද වූ ලලිත් සහ කූගන් යන මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ, ඊට අදාල අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී ය. ලලිත් සහ කූගන් යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදන් වීම 2011 වසරේ දී සිද්ධ වී තිබුණු අතර, එවකට කැබිටන් මාධ්‍ය ප්‍රකාශක වූ කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ, අදාල තරුණයන් දෙදෙනා ආරක්ෂක අංශ භාරයේ පසුවන බවයි. එවකට මෙරට බලවත්ම රාජ්‍ය නිළධාරියාව සිටියේ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යි. ඒ අනුව, ලලිත් කූගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සදහා, යාපනය අධිකරණය, ගෝඨාභය රාජපක්ෂට, 2019 වසරේ දී සිතාසි නිකුත් කළේ ය. කෙසේ වෙතත්, අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ, ලලිත් සහ කූගන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම මඟහැරියේ ය. අභියාචනාධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ලබා ගෙන තිබුණු එකී නියෝගයට එරෙහිව, ලලිත් සහ කූගන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනය කළේ ය. අද එම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී සිටි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥයන්, තම සේවාදායකයා, ලලිත් සහ කූගන් ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට සූදානම් බව දැනුම් දුන්නේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-30 2:03 am
|
Heading |
---|
2025-07-30 8:25 am
|
Heading |
---|
2025-07-29 5:40 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|