“මේ ඇදුම ඇද සිටියා යැයි අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්...!” ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. රූපයේ දැක්වෙන මෙම ඇදුම ඇද සිටීම වරදක් ලෙස පවසමින්, හසලක පොලිසිය, 2019 මැයි 27 වන දා, 47 වියැති මුස්ලිම් ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිසිය චෝදනා කර තිබුණේ, ඇය ඇද සිටි එම ඇදුමේ ඇති සංකේතය “ධර්ම චක්‍රයක්” බවයි. ධර්ම චක්‍රය බෞද්ධ සංස්කෘතියට අයත් සංකේතයක් වන බවත්, එම සංකේතය සහිත ඇදුමක් ඇදීම හරහා ඇය බෞද්ධයන් නොසන්සුන් කර ඇති බවත්, පොලිසියේ චෝදනාව විය. පොලිසියේ මේ කරුණු දැක්වීම සමාජ මාධ්‍යයේ මෙන්ම විද්වත් කතිකාව තුළ ද දැඩිව විවේචනයට ලක් විය. අදාල කාන්තාව ඇද සිටි ඇදුමේ ඇති සංකේතය “ධර්ම චක්‍රය” නොව, “නැව් සුක්කානම” බව ඔවුන්ගේ මූලික අදහසයි. ඊට අමතරව, එම සංකේතය ධර්ම චක්‍රය ම වුවත්, මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම වැරැද්දක් බව බෞද්ධ භික්ෂුවක් වන ගන්කන්දේ ධම්මාලෝක හිමියන් පවසා තිබුණි. උන් වහන්සේ පවසා තිබුණේ එවැනි චෝදනාවක් මත යමෙකු අත්අඩංගුවට ගැනීම හෝ හිරිහැර කිරීම කිසිසේත්ම බුදු දහම නොවන බවයි. කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව, අදාල කාන්තාව ශ්‍රේෂ්ඨාදිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුණු අතර, ඊයේ දිනයේ දී එහි තීන්දුව ප්‍රකාශයට පත් විය. ඒ අනුව, අදාල කාන්තාව අත්අඩංගුවට ගැනීම මගින් හසලක පොලිසියේ ස්ථානාධිපතිවරයා එකී කාන්තාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිය පෞද්ගලික ධනයෙන්, අදාල කාන්තාවට රුපියල් තිස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියම කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-31 10:41 am
|
Heading |
---|
2025-07-30 2:55 am
|
Heading |
---|
2025-07-30 2:03 am
|
Heading |
---|
2025-07-30 8:25 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|