නිදොස්කොට නිදහස් කළ චොකා මල්ලීගේ නඩුව යළි අහයි..! 2015 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ප්‍රචාරක රැළියකට වෙඩි තබා ශාන්ත දොඩංගොඩ නමැති අය ඝාතනය කිරීම සම්බන්ධයෙන්, රත්නපුර මහාධිකරණය, ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මරණ දණ්ඩනය ලබා දුන්නේ ය. රත්නපුර මහාධිකරණය එම තීන්දුව ලබා දුන්නේ 2020 වසරේ ජූලි මස 31 වන දා ය. 2020 වසරේ ජූලි මාසයේ 31 වන දා මරණ දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර, එම වසරේම අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කර මන්ත්‍රීවරයෙකු ලෙස පත් විය. මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වන විටත් ප්‍රේමලාල් ජයසේකර සිටියේ මරණ දඩුවම ලැබූ සිරකරුවෙකු ලෙස රක්ෂිත බන්ධනාගාරගතවයි. රත්නපුර මහාධිකරණය ලබා දුන් මරණ දඩුවමට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේ ය. ඒ අනුව, අභියාචනාධිකරණය ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමටත් පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමටත් අවසර ලබා දුන්නේ ය. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් දා විපක්ෂය කළු පටි පැළද ඊට විරෝධය පළ කළේ ය. ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය 2022 මාර්තු මාසයේ 31 වන දා ඔහු නිදොස්කොට නිදහස් කිරීමට තීන්දු කළේ ය. එම තීන්දුව ලබා දුන්නේ, අභියාචනාධිකරණ විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරුවන් විසිනි. ජාතික ජනබලවේගය රජය බලයට පත් වීමෙන් පසුව, අභියාචනාධිකරණ විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්නට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීමට සූදානම් වූ අතර, ඊට පෙර ඔහු ඉල්ලා අස්වීමට පියවර ගත්තේ ය. ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී නිදොස්කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව, අගතියට පත් පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණි. එම අභියාචනයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ, අභියාචනාධිකරණය ලබා දුන් නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුව බලරහිතකොට, ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව මරණ දණ්ඩනය නියම කරන ලෙසයි. ඒ අනුව, අදාල අභියාචනය සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. පෙත්සම් විභාගය පෙබරවාරි මාසයේ 13 වන දා පැවැත්වීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-01 1:52 am
|
Heading |
---|
2025-07-30 2:55 am
|
Heading |
---|
2025-07-30 2:03 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|