විනිසුරු තිළින ගමගේ වැඩතහනමට ලක් වේ..? මොරටුව මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරයා වන තිලිණ ගමගේ යන අයගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග පවසයි. ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු වන තරිඳු උඩුවරගෙදර සහ තවත් පාර්ශ්ව කිහිපයක් මේ බව අනාවරණය කර තිබේ. විනිසුරු තිළිණ ගමගේට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාව වන්නේ, ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරමින්, නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනී ම යි. අදාල චෝදනාව මත පදනම්ව, විනිසුරු තිළිණ ගමගේ වැඩ තහනමකටත්, අත්අඩංගුවට ගැනීමේ නියෝගත්, ලැබ සිටියේ ය. ඒ, යහපාලනය සමයේ දී ය. තමන්ට එරෙහිව දේශපාලන පළි ගැනීමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ පිටුපස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිටින බවත් එසමයෙහි, විනිසුරු තිළිණ ගමගේ පවසා තිබුණි. කෙසේ වෙතත්, 2021 වසරේ දී කොළඹ මහාධිකරණය, ඔහුට එරෙහිව පැවති සියළු චෝදනාවන්ගෙන් තිළිණ ගමගේ නිදොස්කොට නිදහස් කළේ ය. ඉන් පසුව, 2022 වසරේ මාර්තු මාසයේ දී තිළිණ ගමගේ නැවත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ භාර ගත්තේ ය. එතැන් සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ, 2025 ජනවාරි මාසයේ පළමු වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී මොරටුව දිසා අධිකරණයට මාරුකර යවන ලදී. ඒ ඔහුගේ සහෝදරයා වන සුලෝචන ගමගේ යන අය අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යි.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-02 8:05 am
|
Heading |
---|
2025-08-01 1:52 am
|
Heading |
---|
2025-07-31 10:41 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|