
අවසන් දිනය ජූනි 30. එක් කැබිනට් අමාත්‍යවරයෙක්, මන්ත්‍රීවරු 36 ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 11 ක් තාමත් වත්කම් ප්‍රකාශ ලබා දී නෑ..! ජූනි 30 වන දාට පෙර අදාල සියළු පාර්ශ්වයන් වත්කම් ප්‍රකාශ ලබා දිය යුතු යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර තිබුනද, ඊයේ දිනය වන විටත්, එක් කැබිනට් අමාත්‍යවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 36 ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 11 ක් ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ ලබා දී නැති බව සන්ඩේ ටයිම්ස් පුව්තපත වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ලද දූෂණ විරෝධී පනත යටතේ, ජනාධිපති, අගමැති, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඇතුළු සියළු ඉහළ නිළධාරීන් ජූනි තිසි වන දා ට පෙර ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසමට භාර දිය යුතුය. ඉන් අනතුරුව, කොමිසම, එම ප්‍රකාශ මහජනතාවට විවෘත කරයි. මේ වන විටත් ජනාධිපති, අගමැති ඇතුළු වත්කම් ප්‍රකාශ ලබා දී තිබෙන මැති ඇමතිවරුන්ගේ එම ප්‍රකාශ මහජනතාව වෙත විවෘත කර තිබේ. නව දූෂණ විරෝධී පනත අනුව, වත්කම් ප්‍රකාශ ලබා දීම මග හරින නිළධාරීන්ගේ වැටුපෙන් යම් ප්‍රතිශතයක් කපා ගැනීම සිදු වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|