රු. 1350 ක් ගෙවන්න හාම්පුත්තු එකඟයි. ඉතිරි රු. 350 ලබා ගැනීමට තව තේ දළු කිලෝ 07 ක් නෙළිය යුතුයි. වතු සේවක දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා ඉහළ නැං වූ බව රජය ප්‍රකාශ කලද, වැඩිකළ එම දෛනික වැටුප අතට ලැබෙන තෙක් කිසිවෙකුට ඒ පිළිබදව විශ්වාසයක් නැති බව කදුරට ජනතා පෙරමුණේ නායක රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි. වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1350 ක් දක්වා ඉහළ නැංවීමට වතු හම්පුතුන් එකඟ වී තිබේ. නමුත්, ඉතිරි රුපියල් 350 ක මුදල උපයා ගත හැක්කේ වතු සේවකයාගේ කැපවීම මතයි. සාමාන්‍යයෙන් දිනකට වතු- සේවකයෙකු තේ දළු කිලෝ 18 ත් 20 ත් අතර ප්‍රමාණයක් නෙළිය යුතුය. රුපියල් 1350 ක දෛනික වැටුපක් වතු සේවකයාට ලැබෙන්නේ එම දළු ප්‍රමාණයටයි. රජය පොරොන්දු වී තිබෙන රුපියල් 1700 ක දෛනික වැටුප ලබා ගැනීමට නම්, වතු සේවකයා දෛනිකව නෙළන තේ දළු කිලෝ 18-20 ත් අතර ප්‍රමාණයට තවත් දළු කිලෝ හතක් එකතු විය යුතුය. වැසි කාලයේ දී මෙය කළ හැකි දෙයක් වුවද, කාලගුණය අයහපත් වූ විට මෙය කළ හැකි දෙයක් නොවන බව රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පවසා තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|