Heading
දේශීය
2024-08-14 3:33 am • Views: 138

“ජනපති රනිල්ට තරඟ වදින්න දෙන්න එපා..!” ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!

“ජනපති රනිල්ට තරඟ වදින්න දෙන්න එපා..!” ශ්‍රේෂ්ඨාධිකරණයට  මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරඟ වැදීම වළක්වාලන ලෙස ඉල්ලමින්, නීතීඥවරයෙකු විසින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. 

අදාල පෙත්සම ගොනු කර තිබෙන්නේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ශානි රණසූරිය නමැති නීතීඥයෙකි. 

දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධූරය අත්හිටුවා, වැඩ බලන පොලිස්පතිවරයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගය ඒ මහතා මේ දක්වා ඉටු කර නැත. ඒ තමන්ට ඒ සදහා බලයක් නැති බව ප්‍රකාශ කරමිනි. 

ඊට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිව තිබෙන විනිසුරු පුරප්පාඩු පිරවීමටද ජනාධිපතිවරයා කටයුතු කර නැත. 

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින බවද පෙත්සම්කාර පාර්ශ්වය චෝදනා කරයි. 

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීම පැවැත්වීමට නියමිත මැතිවරණයටද සෘජුව බල පෑ හැකි බව පෙත්සම් කරු වැඩිදුරටත් පවසයි. 

මේ කරුණු හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි ජනාධිපති ධූරයට තරග වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න