සේවය අවසන් කර යන
ඇමරිකානු තානාපතිනිය
ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස සිය සේවය නිමා කරමින් යළි එක්සත් ජනපදය බලා පිටත්ව යන ජුලී චන්ග් මහත්මිය, ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.
මේ හමුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන අපි පහත උපුටා දක්වමු.
"මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්යතාන්ත්රික සේවය අවසන් කරමින්ල ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය සමඟ හමුවකට ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.
ජූලි චන්ග් මහත්මිය සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් ස්තූතිය පළ කරමින්, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඉටු කළ කාර්යභාරයත්, ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ලබා දුන් සුවිශේෂී දායකත්වයත් ඇගයීමට ලක් කළෙමි."