රුපියල් ලක්ෂ 460 කට ආසන්න
වත්කම් නීති විරෝධීව ඉපැයීම;
අනූෂ පැල්පිට
පෙබරවාරි විස්ස දක්වා
තවදුරටත් රිමාන්ඩ්..!
රුපියල් ලක්ෂ 460 කට ආසන් වත්කම් ප්රමාණයක් නීති විරෝධීව උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාලව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගතකරන ලද ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිට, පෙබරවාරි නම වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේ ය.