Heading
දේශීය
2024-08-17 8:24 am • Views: 93

"දූෂණ චෝදනා එල්ල වී තිබෙන නිළධාරීන් 40 කට එරෙහිව විමර්ශන ක්‍රියාත්මකයි...!" රේගු මාධ්‍ය ප්‍රකාශක.

"දූෂණ චෝදනා එල්ල වී තිබෙන නිළධාරීන් 40 කට එරෙහිව විමර්ශන ක්‍රියාත්මකයි...!" රේගු මාධ්‍ය ප්‍රකාශක. 



දූෂණ චෝදනා එල්ල වී තබෙන රේගු නිළධාරීන් හතලිස් දෙනෙකුට පමණ එරෙහිව විමර්ශන සිදු වෙමින් පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ද අයිලන්ඩ් පුවත්පත හා පවසා තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රේගුවේ දූෂණ වැලැක්වීම සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කරන ලෙස නිර්දේශ කර තිබේ. 

ඒ අනුව, එකී විමර්ශන ඒකකය වඩාත් කාර්යක්ෂම ලෙස සිය විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි. 

රේගුව, අන්ත දූෂිත ආයතනයක් ලෙස හදුනාගෙන ඇති අතර, ඉදිරියේ දී එය දූෂණය අවම තැනක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. 

2023 වසර සදහා රජය රුපියල් බිලියන 890 ක ආදායම් ඉලක්කයක් රේගුවට ලබා දී තිබෙන අතර, රේගුව එම වසරේ දී රුපියල් බිලියන 975 ක් රජයට උපයා දී තිබේ. 

2024 වසර සදහා රජය රේගුවට ලබා දී තිබෙන ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1533 කි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න