Heading
දේශීය
2024-08-18 9:13 am • Views: 110

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සදහා මුහුණ දීමට සෑම මන්ත්‍රීවරයෙක්ටම බෝර දොළහේ රිපීටර් තුවක්කු දෙක බැගින්...!

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සදහා මුහුණ දීමට සෑම මන්ත්‍රීවරයෙක්ටම බෝර දොළහේ රිපීටර් තුවක්කු දෙක බැගින්...!


දැනටමත් නිකුත් කර තිබෙන පිස්තෝලවලට අමතරව, මන්ත්‍රීවරුන්ට බෝර දොළහ රිපීටර් තුවක්කු දෙක බැගින් ලබා ගැනීම සදහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. 

බුද්ධි අංශ විසින් මෑතක දී සිදු කරන ලද තර්ජන තක්සේරුවකට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශය මත රජය මෙම පියවර ගෙන තිබේ. 

ඒ අනුව, දැනටමත් මන්ත්‍රීවරු පස් දෙනෙක්, මෙම ගිනි අවි ලබා ගැනීම සදහා අයදුම් කර තිබෙන බව වාර්තා වේ. 

මැතිවරණ කාලයේ දී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබදව අවධානය යොමු කරමින් රජය මන්ත්‍රීවරුන්ට මෙසේ ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට කටයුත- කර තිබේ. 

මෙම ගිනි අවි ලබා දෙනු ලබන්නේ තාවකාලික පදනමින් නොව, ස්ථිරව ඔවුන් සන්තකයේ තබා ගැනීම සදහා ය. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න