"තණමල්විල 16 වියැති පාසල් දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය." දැරිය පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිළධාරියා ළමා ආරක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගනී. පාසල් සිසුන් විසි දෙදෙනෙකු විසින් අපයෝජනයට ලක් කරන ලද තණමල්විල ප්‍රදේශයේ දාසය වියැති පාසල් දැරිය පරීක්ෂාවට ලක් කළ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරියා, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. දැරිය පරීක්ෂා කරන අතර තුරේ දී අදාල අධිකරණ වෛද්‍ය නිළධාරියා එම දැරිය අපහසුතාවයට පත් වන ආකාරයේ වාචික හිංසනයකට දැරිය ලක්කර තිබෙන බවට චෝදනා එල්ල විය. අත්අඩංගුවට ගනු ලැබූ අධිකරණ වෛද්‍ය නිළධාරියා ලක්ෂ තුනක ඇප මත පසුව මුදා හැර තිබුණි. දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිදුවීම පිළිබදව දැන දැනත් එය සැගවීම සම්බන්ධයෙන්, විද්‍යාලයේ විදුහල්පති සහ තවත් ගුරුවරු තිදෙනෙකු- ද අත් අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන් සිව් දෙනා ඇප මත මුදා හැර තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|