Heading
දේශපාලන
2024-09-26 11:11 am

“ජනපති අනුරට අපේ සහාය හිමි වේ..!” ගෝලීය ද්‍රවිඩ සන්සදය නිවේදනය කරයි.

“ජනපති අනුරට අපේ සහාය හිමි වේ..!”  ගෝලීය ද්‍රවිඩ සන්සදය නිවේදනය කරයි. 


අළුත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දරන උත්සාහයේ දී සිය පූර්ණ සහාය ඔහුට හිමිවන බව ගෝලීය ද්‍රවිඩ සංසදය නිවේදනය කරයි.

අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් ගෝලීය ද්‍රවිඩ සන්සදය මේ බව පවසා තිබේ. 

පැවති ජනාධිපතිවරණය, ජාතික හෝ ආගමික කාරණා ඉස්මතු කර ගැනීමකින් තොරව පැවැත් වූ මැතිවරණයක් වීම පිළිබදව ඔවුන් සතුටට පත්වන බවත්, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවීම හේතුවෙන් මෙම මැතිවරණය ආදර්ශයක් සපයා ඇති බවත් ගෝලීය ද්‍රවිඩ සන්සදය පවසයි. 

කෙසේ වෙතත්, මෙරට ජීවත් වන ද්‍රවිඩ පුරවැසියන් ඔවුන් දෙවන පන්තියේ පිරිසක් ලෙසට සැලකීම නවතනු ඇතැයි අපේක්ෂා කරන බව පවසන ගෝලීය ද්‍රවිඩ සන්සදය, නව ව්‍යවස්ථාවක් හදුන්වා දෙමින් සෑම ජන වර්ගයකටම සමාන අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සදහන් කර තිබීම පසසයි. එමෙන්ම එය කඩිනමින් ඉටුකරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවද වැඩිදුරටත් අවධාරණය කරයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න