Heading
දේශීය
2024-10-02 4:03 am • Views: 160

2023 සහ 2024 වසර සදහා හිඟ සුරාබදු නොවැම්බර් 30 ට පෙර ගෙවිය යුතුයි..!

2023 සහ 2024 වසර සදහා හිඟ සුරාබදු නොවැම්බර් 30 ට පෙර ගෙවිය යුතුයි..! 

මත්පැන් නිෂ්පාදන සමාගම් 26 ක නියෝජිතයන් අද දිනයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැදවීමකට අනුව යි. 

මෙම හමුවේදී, බදු නොගෙවූ සියලු මත්පැන් සමාගම්වලට, ඔවුන් මේ දක්වා නොගෙවා ඇති බදු ගෙවීම සදහා සති දෙකක කාලයක් ලබා දී තිබෙන බව පැවසේ. අදාල කාලසීමාව තුළ තවදුරටත් බදු ගෙවීම පැහැර හරින්නේ නම්, එකී සමාගම්වලට එරෙහිව  නීතිය ක්‍රියාත්මක කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඊට අමතරව, 2023 සහ 2024 යන වර්ෂවලට අදාල හිඟ බදු සියල්ල නොවැම්බර් 30 වනදාට පෙර ගෙවිය යුතු බවට මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. 

එසේ නොකළහොත්, 2025 වසර සදහා මත්පැන් බලපත්‍ර අලුත් නොකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

2023 සහ 2024 වසර සදහා හිග සුරා බදු ප්‍රමාණය රුපියල් බිලියන 1.8 කට ආසන්න ය. 

නව රජය බදු ආදායම් එකතු කිරීමේ දී කිසිදු පාර්ශ්වයකට කිසිදු සමාවක් ලබා නොදෙන බැවින්, නියමිත බදු මුදල් නියමිත කාල සීමාව තුළ ගෙවන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සියළු මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න