Heading
දේශීය
2024-10-17 1:39 am

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා නොදැමීමට නව රජය ගත් තීරණය අලි සබ්රී හෙලා දකියි..!

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා නොදැමීමට නව රජය ගත් තීරණය අලි සබ්රී හෙලා දකියි..! 

ශ්‍රී ලංකා ගුවන් සේවය පෞද්ගලීකරණය නොකරන බව රජය පසුගිය දා නිවේදනය කළේ ය. 

රජයේ එම තීරණය සරදමට ලක් කරමින්, හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. 

ඉන් ඔහු යෝජනා කර තිබෙන්නේ, ලංකාව අද පවතින තත්ත්වයට ඇද වැටීමට විවිධ රජයන් ගනු ලැබූ තීන්දු තීරණ බලපා ඇති බවයි. 

ඔහු වැඩි දුරටත් පවසන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ පවත්වා ගැනීමට නව රජය ගත් තීරණය, 2008 වසරේ දී, එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේට්ස් සමාගමෙන් ඉවත් කිරීමට ගත් තීරණය හා සමාන බවයි. 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේටිස් සමාගමෙන් ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට, රජය ඩොලර් බිලියන 1.2 ක ණය බරක් ඊට වන්ද වශයෙන් උසුලාගෙන යන බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.  

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න