Heading
දේශීය
2024-10-18 10:10 am

ආනයනික භාණ්ඩ මත අළුතින් බදු පනවා නෑ..! රජය නිවේදනය කරයි.

ආනයනික භාණ්ඩ මත අළුතින් බදු පනවා නෑ..! රජය නිවේදනය කරයි.

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක් මත අළුතින් බදු පනවා ඇතැයි, ඊයේ දිනයේ දී මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි. 

ඒ අනුව, ආනයනික පරිප්පු කිලෝවක් සදහා ශත විසි පහක විශේෂ වෙළද භාණ්ඩ බද්දක්ද, ශීත කළ මාළු කිලෝවක් සදහා රුපියල් 400 ක බද්දක්ද, උම්බලකඩ කිලෝවක් සදහා රුපියල් 302 ක බද්දක්ද, ආනයනය කරනු ලබන මැංගුස් කිලෝග්‍රෑමයක් සදහා ද රුපියල් 200 ක විශේෂ වෙළද භාණ්ඩ බද්දක්ද වශයෙන් නව බදු  පනවා ඇති බව පැවසුණි. 

කෙසේ වෙතත්, මෙම බදු කිසිවක් අළුතින් පැනවූ බදු නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. 

මෙම සියළු බදු, මීට පෙර සිට පනවා තිබුණු බව පවසන මුදල් අමාත්‍යංශය, නව රජය සිදු කර තිබෙන්නේ, ඔක්තෝබර් මස 13 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා අදාල බදු අය කිරීම දීර්ඝ කිරීම පමණක් බව ද පවසයි.  

පරිප්පු මත පනවා ඇත්තේ ශත විසිපහක බද්දකි. 

ඊට අමතරව, ශීත කළ මාළු කිලෝවක් සදහා පනවා ඇති රුපියල් හාරසියයක බද්ද වෙනස් නොකලේ දේශීය ධීවරයා රැක ගැනීම සදහා බවද මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. 

මැංගුස් සහ උම්බලකඩ මත පනවා ඇති බද්ද ඉවත් නොකලේ දේශීය පළතුරු ගොවියා රැක ගැනීමත් විදේශ විනිමය රැක ගැනීමත් අරමුණු කරගෙන බවද මුදල් අමාත්‍යංශය පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න