Heading
දේශීය
2024-10-20 9:21 am

සීනි බදු වංචාවේ විමර්ශන යළි අරඹයි.

සීනි බදු වංචාවේ විමර්ශන යළි අරඹයි. 

ආන්දෝලනාත්මක සීනි බදු වංචාව සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි ආරම්භ කර තිබේ. 

ඒ අනුව, එම වංචාව සිදුවන අවස්ථාවේ ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවකට ලේකම්වරුන්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය මගින් ලබා ගනිමින් සිටින බව පැවසේ. 

ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් තහවුරු වූ වේ, සීනි බදු වංචාවෙන් රජයට රුපියල් බිලියන 13.82 ක අලාභයක් රජයට සිදුව ඇති බවයි. 

ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 9% ක් පමණි. 

අනෙක් සියල්ල ආනයන කරනු ලබන අතර, සීනි බදු වංචාවෙන් එක් ප්‍රධාන ආනයනකරුවෙකු විශේෂ වාසියක් ලබා ගෙන තිබුණු බව වාර්තා විය. මෙම විශේෂ ආනයනකරු ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 6.23 කි. 

සන්ඩේ මෝර්නිං වාර්තාවක් ඇසුරෙනි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න