Heading
දේශීය
2024-10-22 3:12 am

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි. 

අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සදහා වොෂින්ටනයට ගොස් සිටින මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස හමු වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය මේ බව පවසා තිබේ. 

විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් ඈ සදහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර තිබෙන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා බළධාරීන් පෙන්නුම් කර තිබෙන කැපවීමෙන් තමන් දිරිමත්ව සිටින බවයි. 

ලාංකීය පුරවැසියන් වෙනුවෙන් වඩා යහපත් රටක් ගොඩ නැගීමේ ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව සහය දක්වන බවද ඈ පවසා සිටියි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න