"නිමල් සිරිපාල ද සිල්වා ලක්ෂ දෙදාහක අල්ලසක් ඉල්ලුවාද..?" ජපාන තානාපති චෝදනාව ප්‍රතික්ෂේප නොකරයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගී පර්යන්ත ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි තායිසේ සමාගමෙන්, එවකට විෂයභාර අමාත්‍යවරයා වූ නිමල් සිරිපාලද සිල්වා රුපියල් ලක්ෂ දෙදහසක අල්ලසක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී තිබුණි. මෙම සිදුවීම වාර්තා වූවේ, 2022 වසරේ ජූලි මාසයේ දී ය. අදාල සමාගමේ නියෝජිතයන් මේ පිළිබදව මෙරට ජපාන තානාපතිවරයාට දැනුම් දී තිබුණු අතර, ඒ අනුව, ජපාන තානාපතිවරයා, නිමල් සිරිපාලද සිල්වා පිළිබදව එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාජභය රාජපක්ෂ දැනුවත් කර තිබුණි. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම මත නිමල් සිරිපාලද සිල්වා ඔහු දැරූ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය. එම ඉල්ලා අස්වීම සිදුවූවේ 2022 වසරේ ජූලි මාසයේ 06 වන දා ය. එවකට මෙරට ජපාන තානාපතිවරයා සිටි මිසුකෝෂි හිදකායි මහතා ඉදිරියේ දී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ය. ඔහු සමග ඩේලි මිරර් පුවත්පත සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා අදාල සිදුවීම පිළිබදව තානාපතිවරයාගෙන් යළි විමසා තිබේ. එහිදී තානාපති හිදකායි එවැන්නක් සිදු නොවූ බව නොපවසයි. ඒ වෙනුවට ඔහු පවසන්නේ, එවැනි සිද්ධීන් ගැන කතා කිරීමට තමන් අකමැති බවයි. කෙසේ වෙතත්, ලංකාවේ දේශපාලනඥයන් ඇතැම් අවස්ථාවල තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වන බවත්, එවැනි සිදු වීම් වාර්තා වූ සැනින් ඒවා පිළිබදව අදාල බළධාරීන් දැනුවත් කිරීමට තමන් කටයුතු කළ බව ඔහු පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-23 3:18 am
|
Heading |
---|
2024-12-23 1:54 am
|
Heading |
---|
2024-12-23 11:11 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|