Heading
දේශීය
2024-11-07 12:44 pm • Views: 355

"ලෝකයේ වඩාත්ම ආකර්ශනීය දූපත ශ්‍රී ලංකාවයි..!" වොන්ඩර්ලස්ට් කියයි.

"ලෝකයේ වඩාත්ම ආකර්ශනීය දූපත ශ්‍රී ලංකාවයි..!" වොන්ඩර්ලස්ට් කියයි. 

ජනප්‍රිය සංචාරක සඟරාවක් වන වොන්ඩර්ලස්ට් සගරාව විසින් කරන ලද නවතම සමීක්ෂණයකට අනුව, මේ වසරේ ලෝකයේ වඩාත්ම චිත්තාකර්ශනීය දූපත ලෙස තේරීපත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

අදාල සංචාරක සඟරාව පසුගිය වසරේ කරන ලද සමීක්ෂණයට අනුව, ලංකාවට ලැබී තිබුනේ අටවන ස්ථානයයි. 

ලංකාව “ඉන්දියන් සාගරයේ මුතු ඇටය” ලෙස  හදුන්වන බව වොන්ඩර්ලස්ට් පවසයි.  

සීගිරි පර්වතය, දඹුල්ල ලෙන්විහාරය, අනුරාධපුරය සහ  පොළොන්නරුව යන ඓතිහාසික රාජධානී පිළිබදව වොන්ඩර්ලස්ට් විශේෂයෙන්ම සදහන් කර තිබේ. 

ඊට අමතරව, තංගල්ල සහ ත්‍රීකුණාමලයේ නිලාවේලී මුහුදු තීරය පිළිබදවත්, මධ්‍යම කදුකරයේ තේවත-ු මුදුන් හරහා ඇදී යන පටුමාවත පිළිබදව වොන්ඩර්ලස්ට් මහත් අභිරුචියකින් වර්ණනා කර තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න