Heading
දේශීය
2024-12-07 8:46 am • Views: 364

"නාඩු උපරිම සිල්ලර මිල රු. 230 යි. පිළිනොපදින අයට එරෙහිව දැඩි පියවර." ජනපති අවධාරණය කරයි.

"නාඩු උපරිම සිල්ලර මිල රු. 230 යි.  පිළිනොපදින අයට එරෙහිව දැඩි පියවර." ජනපති අවධාරණය කරයි. 

නාඩු කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 230 ක් බව රජය නියම කර තිබේ. 

එම මිලට නාඩු සහල් අලෙවි නොකරන පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දී තිබේ. 

කෙසේ වෙතත්, ආනයනික නාඩු සහල් කිලෝවක් පාරිභෝගික ජනතාවට ලබා දීමට රජය තීරණය කර තිබෙන්නේ රුපියල් 220 ක මිලකටයි. 

සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240 ක් ලෙසත් 

කීරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 260 ක් ලෙසත් රජය මිල නියම කර තිබේ. 

සුදු කැකුළු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220 කි. 

අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාපරිමාණ සහල් මෝල් හිමියන් මුණ ගැසී මේ පිළිබදව දැනුම් දී ඇති අතර, සහල් ගැටළුව රජය සමග සහයෝගයෙන් විසදා ගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු සහල් මෝල් හිමියන්ට දැනුම් දී තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න