Heading
දේශීය
2025-04-21 8:45 am • Views: 8

“රඳගුරුමණ්ඩලයට සම්පූර්ණ වාර්තාව ලබා දුන්නේ නෑ..! සම්පූර්ණ වාර්තාව පළමු වරට ලබා දී තිබෙන්නේ සී.අයි.ඩීයට... එය ධනාත්මක තත්ත්වයක්..!” සිරිල් ගාමිණී පියතුමා.

“රඳගුරුමණ්ඩලයට සම්පූර්ණ වාර්තාව ලබා දුන්නේ නෑ..! සම්පූර්ණ වාර්තාව පළමු වරට  ලබා දී තිබෙන්නේ සී.අයි.ඩීයට... එය ධනාත්මක තත්ත්වයක්..!” සිරිල් ගාමිණී පියතුමා. 

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිසමේ අවසන් වාර්තාව, ඊයේ දිනයේ දී, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී. 

ඊයේ දිනයේ මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත්තේ, සියළු රහස්‍ය වාර්තාද ඇත-ුළත් සම්පූර්ණ කොමිෂන් වාර්තාවයි.

එය මීට පෙර කිසිදු පාර්ශ්වයක් වෙත ලබා දී නැත. 

මීට පෙර, පාර්ලිමේන්තු පුස්තකාලයට සහ රඳගුරු මණ්ඩලයට මෙම ජනාධිපති කොමිෂන් වාර්තාවේ පිටපත් ලබා දුන් බව වාර්තා වූවද එම අවස්ථාවල දී ලබා දී තිබෙන්නේ සම්පූර්ණ කොමිෂන් වාර්තාව නොවේ; රහස්‍ය කොටස් අත්හැර කොමිෂන් වාර්තාවේ සෙසු කොටස් ය. 

එබැවින්, පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශන කටයුතු සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට, සම්පූර්ණ කොමිෂන් සභා වාර්තාව ලබා දීම ධනාත්මක තත්ත්වයක් බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක වන සිරිල් ගාමිණී පියතුමා පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න