Heading
දේශීය
2025-04-18 9:59 am • Views: 55

පිල්ලෙයාන් හමු වී ආ ගම්මන්පිල ජනතාවට බොරු කියයි..!

පිල්ලෙයාන් හමු වී ආ ගම්මන්පිල ජනතාවට බොරු කියයි..!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම්භාරයේ  පසුවන පිල්ලෙයාන් හමු වීමට ගිය ඔහුගේ නීතීඥයා වන උදය ගම්මන්පිල, එම  හමුව සම්බන්ධයෙන් පසුගිය දා පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු රැසක් පවසා ඇති බව, ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු වන සනත් බාලසුරිය පවසයි. 

පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයාට පිල්ලෙයාන් හමුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර නොදුන් නිසා, තමන් ඔහු හමුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපවසර ඉල්ලූ බව ගම්මන්පිල ඔහුගේ මාධ්‍ය හමුව ආරම්භ කරමින් ප්‍රකාශ කළේ ය. 

මාධ්‍යවේදී සනත් බාලසූරිය පවසන ආකාරයට, එය බොරුවකි.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාධ්‍යවේදීයා තහවුරු කරගෙන තිබෙන ආකාරයට, පිල්ලෙයාන්ගේ නීතීඥයෙකු පිල්ලෙයාන් හමු වීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී නැත. 

ගම්මන්පිල සහ පිල්ලෙයාන් හමුව පිළිබදව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන ඒ. එල්. එම් ෆාහිම් නමැති උප පොලිස් පරික්ෂකයෙකු, එම හමුව පැවැත්වෙමින් තිබිය දී ම සමාජ මාධ්‍යයට හෙළි කළ තිබෙන බව ගම්මන්පිල චෝදනා කළේ ය. 

මාධ්‍යවේදී සනත් බාලසූරිය පවසන ආකාරයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ඒ නමින් උප පොලිස් පරික්ෂකයෙකු සේවය නොකරයි. 

සිය මාධ්‍ය හමුවේදී ගම්මන්පිල තවත් දරුණු චෝදනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එල්ල කළේ ය. ඒ, මුදලට අභ්‍යන්තර තොරතුරු විකුණන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක-ු- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තු-ළ සිටින බවට තමන්ට තොරතු-රු ඇති බවයි. නමුත් මෙතෙක් ඔහුගෙන් ඒ පිළිබදව කිසිදු පැමිණිල්ලක් කිසිදු ආයතනයට යොමු වී නැති බව මාධ්‍යවේදී සනත් බාලසූරිය මහතා පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න