Heading
දේශීය
2024-12-09 2:20 am • Views: 1051

"පුංචි ඡන්ද මංකොල්ලය..!" අපතේ ගිය රුපියල් කෝටි 72 රනිල්ගෙන් ඉල්ලා නඩු දමයි..!

"පුංචි ඡන්ද මංකොල්ලය..!"  අපතේ ගිය රුපියල් කෝටි 72 රනිල්ගෙන් ඉල්ලා නඩු දමයි..!

පලාත් පාලන මැතිවරණය කල් දැමීම හේතුවෙන් මහජන මුදල් රුපියල් කෝටි හැත්තෑ දෙකකට ආසන්න ප්‍රමාණයක් නාස්ති වී ඇති බැවින් නාස්ති වූ එම මුදල, ඡන්දය කල් දැමීමට මැදිහත් වූ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අයකර ගැනීම සදහා ඔහුට එරෙහිව නඩු පැවරීමට නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා පියවර ගෙන තිබේ.

පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුනේ 2023 වසරේ දී ය. 

මැතිවරණ කොමිසම විසින් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල සියළු පියවර ගෙන තිබිය දී හිටපු ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස මැතිවරණය කල් දැමුවේ ය. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය කල් දැමීමට කටයුතු කරන අවස්ථාව වන විටත්, පැවැත්වීමට නියමිතව තිබුණු එකී පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් රුපියල් කෝටි 72 ක මුදලක් රජය වැය කර තිබුණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න