Heading
දේශීය
2024-12-31 10:54 am • Views: 678

"ඉහළ නිළධාරීන්ට හැම්පර්ස් ලබා දීමත් ඉහළ නිළධාරීන් ඒවා භාර ගැනීමත් තහනම්..!" වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්..!

"ඉහළ නිළධාරීන්ට හැම්පර්ස් ලබා දීමත් ඉහළ නිළධාරීන් ඒවා භාර ගැනීමත් තහනම්..!" වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්..!

නව වසර උදා වේ සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස සිද්ධ වන, ඉහළ නිළධාරීන්ට තුටු පඩුරු (හැම්පර්ස්) පිරිනැමීම වළක්වාලමින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ. 

ඒ අනුව, ඉහළ පොලිස් නිළධාරීන්ට තුටු පඩුරු පිරිනැමීමත්, එම ඉහළ නිළධාරීන් විසින් එකී තුටු පඩුරු භාර ගැනීමත් මින් ඉදිරියට තහනම් ය. 

මෙයපොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට සියළු ඉහළ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට අදාල ය. 

මෙම චක්‍රලේඛය පිළිනොපදින ඕනෑම නිළධාරියෙකුට එරෙහිව විනය පියවර ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා පවසයි. 

නව වසර වෙනුවෙන් ඉහළ නිළධාරීන්ට සුබ පැතීමට අවශ්‍ය නම්, ඒ සදහා ඔවුන් හමුවිය යුතු නැති බව අවධාරණය කරන වැඩබලන පොලිස්පතිවරයා, එය වට්ස්ඇප් පණිවිඩයක් මගින් කළ හැකි බවද සිහිපත් කර දෙයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න