ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමක් නෑ..! කලින් පිට වූ ප්‍රශ්න තුනට සෑම දරුවෙක්ටම සමාන ලකුණු..! ප්‍රශ්න තුනක් කලින් පිට වීම හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උදා වී තිබුණු පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීන්දුව විභාග දෙපාර්තමේන්තුව අද නිවේදනය කර තිබේ. ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව තීන්දු කර තිබෙන්නේ, ශිෂ්‍යත්ව විභාගයේ, පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සදහා සෑම දරුවෙක්ටම නිදහස් ලකුණු ලබා දීමට යි. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයට අනුව, ආන්දෝලනාත්මක ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විමර්ශනය කළ විද්වත් කමිටුව විසින් ලබා දී තිබෙන නිර්දේශ තුනෙන් වඩාත් ප්‍රායෝගික විසදුම ඉදිරිපත් කිරීමේ වගකීම විභාග දෙපාර්තමේන්තු-වට පැවරුණි. විද්වත් කමිටුව ඉදිරිපත් කර තිබුණු විසදුම් තුන වී තිබුණේ, 1. පිළිතුරු සදහා ලකු-ණු ලබා දීමේ දී මතභේදාත්මක ප්‍රශ්න තුන ඉවත් කර ලකුණු ලබා දීම, 2. අදාල ප්‍රශ්න තුන සදහා සියළු අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ලබා දීම සහ 3. පළමු ප්‍රශ්න පත්‍රය සදහා වූ විභාගය යළි පැවැත්වීම යි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-04 8:28 am
|
Heading |
---|
2025-01-04 6:33 am
|
Heading |
---|
2025-01-04 1:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|