ඉමියුනිග්ලෝබියුලීන් වංචාව; කෙහෙළියනම් ඇපපිට ගෙදර. සමාගම් හිමිකරු අංගොඩ මානසික රෝහලට...! ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාවට සම්බන්ධ, එම ව්‍යාජ ඖෂධය නිෂ්පාදනය කළ බව කියන සමාගමේ හිමිකරු ජනවාරි පහළොස් වන දා දක්වා ප්‍රතිකාර ලබා ගැනීම සදහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. ඊයේ අදාල නඩුව කැදවන ලද අවස්ථාවේ දී සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය නිකුත් කර තිබුණු වාර්තාවක් බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එම වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය ඉහත නියෝගය ලබා දී තිබුණි. මෙම නඩුවේ එක් ප්‍රධාන විත්තිකරුවෙකුව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාස අටකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය සැප්තැම්බර් 11 වන දා ඇප ලබා ගත්තේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-04 8:28 am
|
Heading |
---|
2025-01-04 6:33 am
|
Heading |
---|
2025-01-04 1:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|