"කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන්නේ කොහොමද...?" රනිල්ගෙන් සහ දිනේශගෙන් සී.අයි.ඩී ය. ලබන සතියේ ප්‍රශ්න කරයි..! රට තුළ උග්‍ර ඖෂධ හිගයක් ඇති බව ප්‍රකාශ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්නේ කවර පදනමකින් දැයි පැහැදිලි කර ගැනීම සදහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබන සතියේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින අතර, ඔහු දිවයිනට පැමිණීමෙන් පසුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කිරීමට නියමිත ය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අදාල ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකාව යොමු කර තිබුනේ, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වන දා ය. එම කැබිනට් පත්‍රිකාව තුළ රට ත-ුළ නොමැති, රටට අවශ්‍ය ඖෂධ මොනවාද යන්න පිළිබදව කෙහෙළිය රඹුක්වැල්ල විසින් සදහන් කර නොතිබුණු බව පැවසේ. රටට අවශ්‍ය, රට තුළ නැති ඖෂධ මොනවාද යන්න පිළිබදව සදහනක් නොතිබුණු අදාල කැබිනට් පත්‍රිකාවකට එම කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන්න පිළිබදව පැහැදිලිකර ගැනීම සදහා එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් කැබිනට් මණ්ඩලයේ සියළු සාමාජිකයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් අතර, තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් පමණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-04 8:28 am
|
Heading |
---|
2025-01-04 6:33 am
|
Heading |
---|
2025-01-04 1:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|