Heading
දේශීය
2025-01-02 10:27 am • Views: 325

යෝෂිත හෙට සී.අයි.ඩීයට යා යුතුයි..!

යෝෂිත හෙට සී.අයි.ඩීයට යා යුතුයි..! 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. 

ඒ, කතරගම පිහිටි ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ය. 

මෙම ඉඩම රජයට අයත්ව තිබුණු ඉඩමක් බවත්, එය රාජපක්ෂවරු විසින් අනීතිකව අත්පත්කරගෙන ඇති බවත් තහවුරු නොකරන ලද ආරංචි මාර්ග පවසයි. 

මෙම ඉඩම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මීට පෙර හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි  නමැති අයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. 

නෙවිල් වන්නිආරච්චිගෙන් ප්‍රශ්න කිරීම සිදුකර තිබෙන්නේ දෙසැම්බර් මාසයේ 27 වන දා ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න