Heading
දේශීය
2025-01-03 9:02 am • Views: 194

ජනවාරි පළමු වැනි දා සිට අවුරුදු 12 ට අඩු දරුවන් දැන්වීම් සදහා යොදා ගැනීමත්, අවුරුදු 12 අඩු දරුවන් ඉලක්ක කරමින් දැන්වීම් කිරීමත් තහනම්...!

ජනවාරි පළමු වැනි දා සිට අවුරුදු 12 ට අඩු දරුවන් දැන්වීම් සදහා යොදා ගැනීමත්, අවුරුදු 12 අඩු දරුවන් ඉලක්ක කරමින් දැන්වීම් කිරීමත් තහනම්...! 

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දා සිට බලපැවැත්වෙන පරිදි ආහාර පාන අලෙවියට අදාල නව රෙගුලාසි රජය විසින් පනවා තිබේ. 

මෙම නව රෙගුලාසි සකස් කිරීම සදහා ලංකා වාණිජ මණ්ඩලයේ ආහාර පාන මෙහෙයුම් කමිටුව දශකයකට අධික කාලයක් සෞඛ්‍ය අමාත්‍යංශය සමග කටයුතු කර තිබෙන බව වාර්තා වේ. 

ආහාර පාන අලෙවියට අදාල නව රෙගු-ලාසි යටතේ, වයස අවුරුදු 12 ට අඩු දරුවන් දැන්වීම් සදහා යොදා ගැනීම සපුරා තහනම් ය. 

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව, වයස අවුරුදු දොළහට අඩු දරුවන් ඉලක්ක කරගනිමින් දැන්වීම් නිර්මාණය කිරීමත් තහනම් ය. 

මීට අමතරව, 2025 ජූලි පළමුවැනි දා සිට බලපැවැත්වෙන පරිදි, ආහාර පාන අලෙවියේ දී ඇසුරුම් තුළ අඩංග-ු පෝෂ්‍ය පදාර්ථ සහ මේද මට්ටම නිශ්චිතවම සදහන් කළ යුතුය.  



Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න