“ඇත්තටම හොරු අල්ලනවානං බැසිල්ගෙන් පටන් ගන්න...!” බැසිල්ගේ ෆයිල් එක සී.අයි.ඩීයට භාර දෙමින් විමල් කියයි. බැසිල් රාජපක්ෂ මහතා නීතිවිරෝධීව උපයාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් තමන් සත-ුව ඇති තොරතුරු අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව විමල් වීරවංශ මහතා පවසයි. 2022 වසරේ දී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන සංවාදයකට සහභාගී වෙමින්, බැසිල් රාජපක්ෂ මහතාගේ දේපළ සම්බන්ධයෙන් විමල් වීරංශ මහතා යම්කිසි හෙළිදරව්වක් සිදු කර තිබුණි. අවශ්‍යතාවය මත තවත් තොරතුරු හෙළි කළ හැකි බවද ඒ මහතා, එම වැඩසටහන අතරතුර ප්‍රකාශ කළේ ය. ඒ අනුව, එකී තොරතුරු ලබා ගැනීමේ අරමුණ ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඒ මහතා කැදවා තිබුණි. ඇත්තටම හොරු අල්ලනවා නං බැසිල්ගෙන් එය ආරම්භ කළ යුතු යැයි සිය ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඉන් පිටතට පැමිණි හිටපු මන්ත්‍රීවරයා පැවසී ය. කෙසේ වෙතත්, තමන් ලබා දුන් තොරතුරු පමණක් සැලකිල්ලට ගත්තද, එතැන විශාල ධනස්කන්ධයක් සම්බන්ධයෙන් හෙළි වන බව පැවසූ විමල් වීරවංශ, බැසිල්ගේ සැබෑ වත්කම් ප්‍රමාණය ඊට වඩා වැඩිවිය හැකි බවද පැවසී ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-06 1:48 am
|
Heading |
---|
2025-01-06 11:28 am
|
Heading |
---|
2025-01-06 9:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|