Heading
දේශීය
2025-01-04 9:58 am • Views: 1992

“2023 දී ඒ ළඟම තියෙන පන්සලකටත් මං ගියා..! පන්සල අල්ලපු වැටේ ඔය කියන ඉඩම තාම තියෙනවා කියලාවත් මං දන්නේ නෑ..” යෝෂිත රාජපක්ෂ.

“2023 දී ඒ ළඟම තියෙන පන්සලකටත් මං ගියා..! පන්සල අල්ලපු වැටේ ඔය කියන ඉඩම තාම තියෙනවා කියලාවත්  මං දන්නේ නෑ..” යෝෂිත රාජපක්ෂ. 

කතරගම පිහිටි රජයට අයත් ඉඩකම හිමිකාරත්වය සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නයකට අදාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ දී යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි. 

පැය දෙකකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් එළියට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා, ඔහු එනතුරු මග බලා සිටි මාධ්‍යවේදීන් හමවේ මුනිවත රැකීමට ප්‍රවේශම් විය. 

නමුත්, ඉන් පසුව ඔහු ඩේලි මිරර් පුවත්පතට, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම පිළිබදව කරුණු දැක්වීමක් කර තිබේ. 

ඒ අනුව, ගැටළු සහගත ඉඩම පිළිබද ප්‍රශ්නය මුලින්ම කරලියට පැමිණ ඇත්තේ 2006-2007 වසරවලදී ය. එවකට තමන් පාසල් ශිෂ්‍යයෙකුව සිටි බව යෝෂිත රාජපක්ෂ ඩේලි මිරර් පුපත්පත සමග පවසා තිබේ. 

ඉන් පසුව, යහපාලන රජය සමයේ නැවත මෙම ඉඩමේ ප්‍රශ්නය කරලියට පැමිණ තිබේ. ඒ අවස්ථාවේ දී ඉඩමට තමන්ගේ නම ඈදී නොතිබුණු බව යෝෂිත පවසයි. 

කෙසේ වෙතත්, 2023 වසරේ දී එකී ආන්දෝලනාත්මක ඉඩමට ආසන්නයේ පිහිටි පන්සලකට (ඉදිකිරීම් කටයුතුසදහා?) තමන් උපකාර කළ බව පවසන යෝෂිත රාජපක්ෂ මහතා, ඒ වන විට ඉඩම සම්බන්ධයෙන් තමන්ට මතකයක් හෝ නොතිබුණු බවද පුවත්පතට ප්‍රකාශ කරයි. 

ඒ අනුව, මේ සියල්ල දේශපාලන පළිගැනීමක පදනමකින් සිද්ධ වන දේවල් යැයි ඔහු චෝදනා කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න