Heading
දේශීය
2025-01-04 10:31 am • Views: 184

"2024 වසරේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.95 ක්." දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියයි.

"2024 වසරේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.95 ක්." දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියයි. 

එදා මෙදා තුර වාර්තා කළ ඉහළම බදු ආදායම 2024 වසරේ දී වාර්තා කළ බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ අනුව, 2024 වසරේ දෙපාර්තමේන්තුව උපයා ඇති සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.95 කි. 

පසුගිය 2023 වසරේ වාර්තා කළ රුපියල් ට්‍රිලියන 1.56 ක බදු ආදායම හා සසදා බැලීමේ දී එය 25.1% ක වර්ධනයකි. 

2024 වසරේ දී ආදායම් බදු එකතු කිරීම රුපියල් බිලියන 1,023 කි. 2023 වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 112.1 ක වැඩි වීමකි. 

එකතු කළ අගය මත බද්ද (වැට්) හරහා 2024 වසරේ දී උපයා ඇති ආදායම රුපියල් බිලියන 714.7 කි. 

2023 වසරේ දී වැට් බදු මගින් උපයා තිබුනේ රුපියල් බිලියන 245.5 ක් පමණි. 

මීට අමතරව, සමාජ ආරක්ෂණ බද්ද මගින් රුපියල් බිලියන 187 ක් ද, සූදු බද්ද හරහා රුපියල් බිලියන 14.9 ක් ද, කොටස් ගනු දෙනු සදහා පනවා ඇති බද්දෙන් රුපියල් බිලියන 3.1 ක් ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව උපයාගෙන තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න