Heading
දේශීය
2025-01-31 9:00 am • Views: 434

ජනවාරියේ සංචාරකයෝ 253,000 ක් එති.

ජනවාරියේ සංචාරකයෝ 253,000 ක් එති. 

ඉතිහාසයේ ඉහළම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරිය බවට මේ ජනවාරිය පත් වීමට නියමිත බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. 

දැනට පවතින දත්ත අනුව, ජනවාරි 31 වන විට දෙලක්ෂ පනස් ත-ුන් දහස ඉක්ම වූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතය. 

මීට පෙර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරි මාසය උදා වී ඇත්තේ 2018 වසරේ දී ය. 

2018 වසරේ ජනවාරි මාසයේ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස් අට දහස් නවසිය විසි හතරකි. 

ජනවාරි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. දෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය පසු පසින් සිටියි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න