Heading
දේශීය
2025-02-01 8:06 am • Views: 1456

"බහාලුම් මුදාහැරීමේ ප්‍රමාදය පගාව පිළිබඳ ප්‍රශ්නයක්..!" ෂෝන් වැන්ඩර්ට් - සභාපති, ශ්‍රී ලංකා ගෝලීය නැව්ගත කරන්නන්ගේ සංගමය.

"බහාලුම් මුදාහැරීමේ ප්‍රමාදය පගාව පිළිබඳ ප්‍රශ්නයක්..!" ෂෝන් වැන්ඩර්ට් - සභාපති, ශ්‍රී ලංකා ගෝලීය නැව්ගත කරන්නන්ගේ සංගමය.

බහාලුම් මුදාහැරීමේ ප්‍රමාදය පිටුපස ඇති සැබෑ කතාව කිසිවකු හෙළි නොකරන බව ශ්‍රී ලංකා ගෝලීය නැව්ගත කරන්නන්ගේ සංගමයේ සභාපති ෂෝන් වැන්ඩර්ට් මහතා පවසයි. 

ඔහු පවසන ආකාරයට, බහාලුම් නිශ්කාශනය කිරීම ප්‍රමාද කිරීම දූෂිත රේගු නිළධාරීන් හිතාමතා සිදු කරන ක්‍රියාවකි. 

ඔවුන් මෙසේ බහාලුම් මුදාහැරීම ප්‍රමාද කරනු ලබන්නේ පගාව ගැනීමේ අරමුණ ඇතිවයි. 

වරාය තුළ මෙන්ම ගුවන් තොටුපළ තුළද කටයුතු කරන රේගු නිළධාරීන් මේ දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ බව පවසන ගෝලීය නැව්ගත කරන්නන්ගේ සංගමයේ සභාපති, කිසිවක-ුට මෙම රේගු නිළධාරින්ගේ ගමන් මලු හෝ වාහන පරීක්ෂා කිරීමට නොහැකි බවද පවසයි.

බලයට පත්වන කිසිදු රජයකට මෙම දූෂණ වැලැක්වීමට රේගු නිළධාරීන් ඉඩ නොදෙන බවද ෂොන් වැන්ඩර්ට් වැඩි දුරටත් චෝදනා කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න