ජාතික පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් නොතකා හරියි..! ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිළධාරීන් පස් දෙනෙකුට එරෙහිව ලබා දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය, ජාතික පොලිස් කොමිසමට සිය දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර තිබේ. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දිනයක දී, පුද්ගලයෙකුට පහර දීමේ සිදුවීමට අදාල ආන්දෝලනාත්මක වීඩියෝව සමාජ මාධ්‍යයේ ද ප්‍රචාරය විය. පහර කෑමට ලක් වූ පුරවැසියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුණු අතර, එම නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සම්බන්ධ වූ එකී සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික පොලිස්කොමිසමට නියෝග කර තිබුණි. නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය ජාතික පොලිස් කොමිසම සැලකිල්ලට ගෙන නොතිබුණි. ඒ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය ජාතික පොලිස් කොමිසමට ප්‍රකාශ කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය, තමන් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට අදාල ප්‍රගතිය සලකා බැලීම සදහා නඩුව යළි මැයි මස තිස් වන දා කැදවන බව දැනුම් දී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
Heading |
---|
2025-04-12 8:22 am
|
Heading |
---|
2025-04-11 3:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|