ඩබ්. 15 හෝටලයේ රඟ දැක් වූ දේශබන්දු මැර නාටකය..! දේශබන්දු යටතේ ක්‍රියාත්මක වූ ලයිසන් සහිත මැර කණ්ඩායම මෙන්න..! ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් කට්ටි පනිමින් සිටියි. දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වන නියෝගය මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබුණේ පෙබරවාරි මාසයේ 27 වන දා ය. ඊට අදාල නියෝගය ලබා දී තිබෙන්නේ ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් වූ සවිස්තරාත්මක විස්තර ඇතුළත් පිටු 81 ක වාර්තාවක්ද සමගිනි. පෙබරවාරි 27 වන දා ට දින 12 කට පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කළේ ය. නමුත් තවමත් ඔහු සැගවී සිටියි. දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයේ සාරාංශය අද වෙළද පොලට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තා කර තිබේ. අපි අපේ පාඨකයන් වෙනුවෙන් එම වාර්තාව පරිවර්තනය කර ඉදිරිපත් කිරීමට සිතූවෙමු. ඒ අනුව, ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ දී මිය ගිය පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාරගේ නමැති අයගේ මරණය වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බව ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණය නියෝග කරයි. පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාරගේ නමැති අයට වෙඩි තැබූ හමුදා සැරයන් චන්දිමාල් රුවිරංග සහ ඔහුට වෙඩි තැබීමට අණ කළ සැරයන් අජිත් සිසිර කුමාර යන දෙදෙනාම මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අපරාධමය වගකීමක් නොදරන බව අධිකරණය නියෝග කරයි. නීති විරෝධීව රැස් වීම, ආයුධ භාවිතා කිරීම සහ ආයුධ සමඟ කැරලි ගැසීමකට සම්බන්ධ වීම සම්බන්ධයෙන්, උප පොලිස් පරීක්ෂක මධුරංග, පොලිස් පරීක්ෂක එම්ආ.ර්. ධුනුසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලන් ද සිල්වා, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, පොලිස් සැරයන් කුමාර, පොලිස් පරීක්ෂක ප්‍රියනාත් සහ පොලිස් රියදුරු පොලිස් පරීක්ෂක දුලිප් ගිහාන් පියතිස්ස යන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවට අධිකරණය නියෝග කරයි. රාජ්‍ය වැටුප් ලබන නිළධාරීන් කණ්ඩායමක් යොදා ගනිමින් ඩබ්. 15 හෝටලයේ හිමිකරුවන්ට සහ එහි සේවකයන්ට එරෙහිව අපරාධකාරී බලය යෙදවීම, සිය පුද්ගලික අරමුණක් ඉටු කර ගැනීම සදහා නිළධාරීන් සමග කුමන්ත්‍රණය කිරීම, අධිකරණය තුළ සත්‍යය හෙළි වීම වැලැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව දිගටම නඩුව පත්වාගෙන යාමට අධිකරණය නියෝග කරයි. වරදක් කිරීමේ පොදු අභිප්‍රායක පිහිටා කටයුතු කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් 6 දෙනෙකු වග කිව යුතු බවට අධිකරණය නියෝග කරයි. ඩබ්. 15 හෝටලය ආසන්නයේ නිල රාජකාරියක නිරතව සිටි බවට බොරු සාක්ෂි සැපයීම සම්බන්ධයෙන් වෑන් රථය තුළ සිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් සය දෙනාට එරෙහිව නඩු පැවරීමට අධිකරණය නියෝග කරයි. ව්‍යාජ සාක්ෂි සැපයීම සම්බන්ධයෙන් එවකට වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව වෙනම චෝදනා ගොනු කිරීමට අධිකරණය නියෝග කරයි. අපරාධ අරමුණක් වෙනුවෙන් ගිනි අවි භාවිතා කිරීම සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරිය හැකි බවද අධිකරණය පවසයි. සිය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් රජයට අයත් වාහනයක් (ජීප් රථය) භාවිතා කිරීමට අදාලව පොදු දේපළ පනත යටතේ ද චෝදනා ගොනු කළ හැකි බව අධිකරණය පවසයි. ඒ අනුවල පහත සඳහන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. උප පොලිස් පරීක්ෂක මධුරංග, පොලිස් පරීක්ෂක එම්ආ.ර්. ධුනුසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලෙම් ද සිල්වා, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, පොලිස් සැරයන් කුමාර, පොලිස් කොස්තාපල් ප්‍රියනාත්. පොලිස් කොස්තාපල් (රියදුරු) දුලිප් ගිහාන් පියතිස්ස සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
Heading |
---|
2025-04-12 8:22 am
|
Heading |
---|
2025-04-11 3:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|