Heading
දේශීය
2025-03-25 9:44 am • Views: 421

අපේ රටේ වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන් වියේ දරුවන්ගෙන් 29% ක් පාසල් නොයති.

අපේ රටේ වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන් වියේ දරුවන්ගෙන් 29% ක් පාසල් නොයති. 

ලංකාවේ වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන් වියේ දරුවන්ගෙන් 29% ක ප්‍රතිශතයක්, එනම්, දරුවන් මිලියන 3.5 ක්, 2024 වසරේ දී පාසල් අධ්‍යාපනය අත්හැර දමා ඇති බව ඒ සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 

මෙම සමීක්ෂණය සිදුකර තිබෙන්නේ, රට පුරා විසිරී තිබෙන පාසල් 40 ක, අට ශ්‍රේණිය සහ දොළහ ශ්‍රේණිය අතර අධ්‍යාපනය හදාරන දරුවන් 3,843 දෙනෙකු සම්බන්ධ කරගෙන යි. 

මෙම සමීක්ෂණය අනුව, සිසුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු, එනම් 17.4% ක්, ශරීරයට අහිතකර ප්‍රමාණයට මත්පැන් පානය කරන බව හෙළි වී ඇති අතර, ඉන් බහුතරය පිරිමි ළමුන් ය. 

සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව නිකුත් කර තිබෙන මෙම සමීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් සිදු කරන ලද එකකි. 

පාසල් දරුවන්ගේ පෝෂණය, ශාරීරික ක්‍රියාකාරකම්, මානසික සෞඛ්‍යය, මත්ද්‍රව්‍ය භාවිතය, ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය වැනි කරුණු රැසක් පිළිබදව මෙම සමීක්ෂණයේ දී අවධානය යොමු කර තිබෙන බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න