Heading
දේශීය
2025-04-03 5:20 am • Views: 1851

“මගේ නෝනට අත තිබ්බොත් බලාගෙනයි...!” ලොහාන් රත්වත්තේ ජනපති අනුරට අනතුරු හගවයි.

“මගේ නෝනට අත තිබ්බොත් බලාගෙනයි...!” ලොහාන් රත්වත්තේ ජනපති අනුරට අනතුරු හගවයි. 

තව දහවතාවක් වුව තමන්ව හිරේ විලංගුවේ දැමුවාට ප්‍රශ්නයක් නැති නමුත්, තමන්ගේ බිරිදට අත තැබුවොතින් කරන දේ දන්නා බව, හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනපති අනුරට පවසයි. 

නීති විරෝධීලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිදු වීමක් සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිද වන ශෂී ප්‍රභා රත්වත්තේ යන අය, 2024 වසරේ නොවැම්බර් මාසයේ 7 වන දා හෝ ඊට ආසන්න දිනයක දී මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. 

ලොහාන් රත්වත්තේ අද පැවති පොහොට්ටු පක්ෂ රැළියක දී ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කරන්නේ, එම සිදු සිදු වීම සම්බන්ධයෙනි. 

එමෙන්ම, ඊයේ දිනයේ දී, උතුරු මැද පළාත් මහ ඇමතිවරයා සමඟ, එස්.එම්. චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයාගේ බිරිදව ද අත්අඩංගුවට ගැනීම ලොහාන් රත්වත්තේ හෙලා දැක්කේ ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න