Heading
දේශපාලන
2025-04-07 1:27 am • Views: 647

“මෝදිගේ ලංකාගමනයෙන් තමිල්නාඩුවට වාසියක් නෑ..!” එම්.කේ. ස්ටාලින්, තමිල්නාඩු මහ ඇමති.

“මෝදිගේ ලංකාගමනයෙන් තමිල්නාඩුවට වාසියක් නෑ..!” එම්.කේ. ස්ටාලින්, තමිල්නාඩු මහ ඇමති. 

පසුගියදා නිමා වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ලංකා ගමනයෙන් තමිල්නාඩු ප්‍රාන්තයට අත් වූ කිසිදු සෙතක් නැති බව, තමුල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා වන එම්.කේ ස්ටාලින් පවසයි. 

තමිල්නාඩු ප්‍රාන්ත සභාව අමතමින් ඔහු මේ බව පැවසී ය. 

විශේෂයෙන්ම, තමිල්නාඩු ධීවරයන් මුහුණ දෙන ගැටළු පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ලංකා ගමනය තුළ දී ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කර නැතැයි, එම්.කේ. ස්ටාලින් චෝදනා කරයි. 

ශ්‍රී ලංකාව, තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුකරන සිටින බව පවසන ස්ටාලින්, ඒ පිළිබදව ලාංකීය බළධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ඉන්දීය ධීවරයන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම නොතකා හැර ඇති බව ද ස්ටාලින් පවසයි. 

එම්.කේ ස්ටාලින්, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පවසන ආකාරයට, මේ වන විට ඉන්දීය ධීවරයන් 97 දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න