දේශබන්දුට ඇප දෙනවාට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දැඩි ලෙස විරුද්ධ වෙයි..! ඩබ්. ෆිෆ්ටීන් හෝටලට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දෙනවාට දැඩි සේ විරුද්ධ විය. ඔහු පැවසූවේ, ඇප ලබා දී දේශබන්දු තෙන්නකෝන සමාජගත කිරීම දැනට සිදු කෙරෙන විමර්ශනයන්ට ඉතාමතත්ම අහිතකර ලෙස බලපානු ඇති බවයි. “මම අද කිව්වා කියලා ලියා ගන්න... මොහු (දේශබන්දු) අනාගතයේ දී මෙම මුළු විමර්ශනයම විනාශ කරනවා..!” දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දීමට අධිකරණය සිය එකඟතාවය පළකළ මොහොතේ දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ ය. ඊට අමතරව, මෙහිදී, දිලීප පීරිස් මහතා තවත් විශේෂ හෙළිදරව්වක් අධිකරණය හමුවේ සිදු කර තිබුණි. ඒ, ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදු වීමට පෙර, දේශබන්දු තෙන්නකෝන්, “කොළඹ විශේෂ කාර්යාංශය” නමින් වෙනම ඒකකයක් ස්ථාපිත කොට, එම ඒකකය ලවා ඩබ්.ෆිෆ්ටීන් හෝටලය ඡායාරූපගතකර එම ඡායාරූප ගෙන්වාගෙන ඇති බවයි. ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදු වීම සිද්ධ වන්නේ ඉන් පසුවයි. වෙඩි තැබීමේ සිදු වීමෙන් පසුව, දේශබන්දු තෙන්නකෝන්, කොළඹ විශේෂ කාර්යාංශය නමින් ස්ථාපිත කර තිබුණු ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාට අමතා ඇති අතර, “මුං පිස්සුවක් කරලා.. ගිහින් බලපං මුන් බීලද හිටියේ;” යැයි ඔහුට නියෝග කර තිබේ. එකී නියෝජ්‍ය පොලිස්පතිවරයා, මෙම සිදුවීම සම්බන්ධයෙන් පැය දහය හමාරක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර, දේශබන්දු තෙන්නකෝන්ගෙන් තමන්ට තර්ජන ඇති බැවින් ආරක්ෂාව සපයන ලෙසද ඉල්ලා තිබේ. දිලීප පීරිස් මහතා මෙම සියළු කරුණු අධිකරණය හමුවේ අනාවරණය කර සිටියේ, දේශබන්දුට ඇප ලබා නොදෙන ලෙස තමන් කළ ඉල්ලීමට හේත-ු දැක්වීමක් වශයෙනි. නමුත් අධිකරණය දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දීමට නියෝග කළේ ය. මෙහිදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන්, දේශබන්දුගේ පෞද්ගලික මෝටර් රථය අධිකරණ භූමියට රැගෙන ඒමටත්, අධිකරණ භූමියෙන් පිටව යන තෙක් ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබුණි. නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊටද දැඩි ලෙස විරුද්ධ විය. ඒ අනුව අධිකරණය දේශබන්දුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත්, අවසාන මොහොතේ, සිය මෝටර් රථය අධිකරණ භූමියට ගෙන්වා ගෙන එහි නැගී අධිකරණ භූමියෙන් පිටව යාමට දේශබන්දුට හැකි විය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|